Read Comments for my Apps :  View

Email : pasansoft@aol.com

Facebook : Official  , Fan PagePersonal

Twitter : https://twitter.com/pasansoft

Skype : pasansoft

 Facebook ,  LinkedIn

Viber , WhatsApp, Imo & SMS 

Heiyanthuduwa (11618) - Kelaniya - Sri Lanka.

  • Irregular Verbs Finder  -   Download    (ඉංග්‍රී‍සි ඉගෙන ගන්න, ඉංග්‍රී‍සි භාවිතා කරන අයට වැදගත්වේ)

ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා. (Regular Verbs). එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs) Eg: Go , Went , Gone මෙවැනි Irregular Verbs බොහෝ දෙනාට අමතක වන, නොදන්නා අවස්ථා තියනවා.එවැනි Irregular Verbs වල Past Tense Verbs , Past Participle Verbs ඉක්මනින්ම බලා ගන්න මේ App එක භාවිතා කරන්න පුලුවන්. Install කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.



  • Identity Card Checkers - Download  ~ (ඔබේ ජාතික හැදුනුම්පත පරීක්ෂාකර ගන්න)

පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. මෙම මෘදුකාංගය වර්ෂ 2007 සිටම ජනප්‍රිය වූ මෘදුකාංගයකි. මෙය ලංකාවේ බැංකු, රක්ෂණ ආයතන වැනි බොහෝ ආයතන තුල භාවිතා වේ. ඉංග්‍රීසි හා සිංහල ලෙස Versions 2 ක් ඇත.


  • Text Player   -   Download     (කථා කරන App එකක්)

ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එය කාලය ගොඩක් නාස්තිවෙන වැඩක්..එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..?  මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • Postal Codes Finder  -  Download   (ලංකාවේ තැපැල් සංකේත අංක හොයා ගන්න)

වර්ථමානයේ ලිපිනයක් ලිවීමේදි ලිපිනයට යටින් තැපැල් ස්ථානයේ සංකේත අංකය යෙදීම සිදුවෙනවා. එමෙන්ම Ebay හෝ වෙනත් අන්තර්ජාල වෙබ්සයිට් වල අයදුම්පත් පිරවීමේදීත් මේ තැපැල් සංකේත අංකය උවමනා වෙනවා. එහෙත් බොහෝ දෙනාට තමන්ගේ ලිපිනයට අදාල තැපැල් කාර්යාලයේ සංකේත අංකය පවා හොයා ගැනීම ගැටලුවක් වී තිබෙනවා. ඊට විසදුමක් ලෙස මගේ මේ App එක භාවිතා කරන්න පුලුවන්. මෙමගින් තැපැල් කාර්යාලයේ නම සදහන් කර එහි තැපැල් සංකේත අංකය ද නැතිනම් තැපැල් සංකේත අංකය සදහන් කර එම තැපැල් කාර්යාලයේ නම ද ලබා ගන්න පුලුවන්. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. 


  • BMI Meter  -   Download       (ඔබේ බර අඩුද, වැඩිද බලා ගන්න)

උසට සරිලන බර තියනවද බලන දර්ශකයක් තිබෙනවා. එය Body Mass Index (BMI) ලෙස හදුන්වනවා. එම දර්ශකයට අනුව මිනිසෙකුගේ බර, උස ප්රමාණයේ අගයේ වර්ගයෙන් බෙදා BMI අගය ලබා ගන්නවා. එම BMI අගය අනුව උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉතින් මේ Software එක මගින් ඔබගේ BMI අගයට අනුව ඔබගේ උසට ගැලපෙන බර තිබේද යන්න සොයා ගත හැකි වෙනවා. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • Sinhala-English Portable Dictionary   -   Download

මෙම කුඩා සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂ මෘදුකාංගය ඔබේ පරිගනකයේ ඉන්ස්ටෝල් නොකරම ඩබල් ක්ලික් කිරීමෙන් භාවිතා කල හැකිය. 8 MB වන ඉතා කුඩා මෘදුකාංගයකි. Pen Drive එකේ තියාගෙනත් භාවිතා කල හැකිය. භාවිතා කිරීමට පෙර ඒ සමග ඇති සිංහල ෆොන්ට් එක ඔබේ පරිගනකයේ Control Panel හි Fonts folder එකට කොපි කර ගන්න. නව වින්ඩෝස් සංස්කරණ වල ක්‍රියාත්මක නොවුනොත් Compatibility mode එකෙන් ක්‍රියාත්මක කර ගත හැකිය.


  • Metric Convertor    -   Download      (විවිධ මිනුම් පරිවර්තනය කර ගැනීමට)

මේ App එක ඉගෙනගන්නා සිසු සිසුවියන්ට, විවිධ රැකියාවල නිරත වූවන්ට හා ඕනෑම අයෙකුට විවිධ මිනුම් පරිවර්තනය කර ගැනීමට උවමනා වූ විටක භාවිතා කල හැකිය. මෙයින් දිග, බර, වර්ගපලය, පීඩනය, පරිමාණය, උෂ්ණත්වය හා පරිගණක භාවිතයේදි භාවිතා වන ගබඩා ධාරිතාවන් විවිධ මිනුම් ඒකක වලට පරිවර්තනය ඉතා පහසුවෙන් කරගත හැකිය.
Eg:-• යම්කිසි cm දිගක්, අඩි (Feet) වලින් ලබා ගැනීමට• යම්කිසි Kg බරක් , අවුන්ස (Ounce) වලින් ලබා ගැනීමට• යම්කිසි Fahrenheit උෂ්ණත්ව අගයක් Celsius හෝ Kelvin වලින් ලබා ගැනීමට• යම්කිසි Mb අගයක් Gb වලින් ලබා ගැනීමට. ඉතා කුඩා App එකකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. සිංහල font දාන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • World Clock   -   Download       (ලෝකයේ රටවල දැන් වේලාවන් බලා ගන්න)

පිටරවල ඉන්න ඔබේ මිතුරන්, හිතවතුන් සමග කතා කිරීමට එම රටවල වේලාවන් උවමනා වෙනවා. මේ App එක මගින් ලෝකයේ රටවල් 54 ක වේලාවන් බලා ගත හැකියි. මේ සදහා Internet සබදතාවක් තිබිය යුතු නෑ. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • "About You" Astrology App   -  Download  (ඔබගේ, ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න App එකක්)

මෙම App එකෙන් ඔබගේ, ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගතිගුණ බලා ගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් හොයා ගත්ත සිද්ධාන්තයක් අනුව නිර්මානය කලේ. ගොඩක් අය මේ ගතිගුණ ඒගොල්ලන්ට අනුව හරි කිව්ව හින්දයි හැදුවෙ. බලන්න එහෙමද කියලා. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • Speaking Periodic Table - Download (කතාකරන ආවර්තිතා වගුවක්)

මෙම ඇප් එක O/L කරන , A/L රසායන විද්යාව හදාරන හා විශ්ව විද්යාලයේ රසායන විද්යාව හදාරන සිසු සිසුවියන්ට වැදගත් වන අවර්තිතා වගුවේ තොරතුරු මොහොතකින් ලබා ගත හැකි  ඇප් එකකි. මෙම ඇප් එක කතා කරන නිසා අවර්තිතා වගුව මතක තබා ගැනීමට ආධාරකයක් ලෙසද යොදා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • Mind Mirror   -  Download      (ඔබේ හිත කියවන App එකක්)

ඔබ යම් අංකයක් හිතේ තබාගෙන මේ මෘදුකාංගය කියන ආකාරයට වැඩි කිරීම,බෙදීම හා එකතු කිරීමක් කල විට ඔබට ලැබුන පිලිතුර මෘදුකාංගයෙන් පෙන්වයි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • Distance Finder   -   Download          (ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර දෙකක් අතර දුර සොයා ගත හැකි App එකකි)

ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර දෙකක් අතර දුර කිලෝ මීටර් වලින් හා සැතපුම් වලින් සොයා ගත හැකි App එකකි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • Road Traffic Signs -  Download     (මාර්ග සලකුණු ගැන තොරතුරු බලා ගන්න ) 

මේ App එක මගින් වාහන පදවන රියදුරන්ට, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණ සදහා පෙනී සිටින අයට මෙන්ම මාර්ගවල ගමන් ගන්නා සියලුම දෙනාට වැදගත් වන මාර්ග සලකුණු ගැන තොරතුරු මොහොතකින් ලබා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • Baby Gender Predictor -  Download   (උපදින දරුවා දුවෙක්ද? පුතෙක්ද? බලාගන්න)

මෙම මෘදුකාංගය නිර්මානය කිරීමට පාදක කර ගත්තේ චීනයේ පීකිං නුවර රාජකීය පවුලක භාවිතා කරන ලද ක්රමවේදයක් ගැන අන්තර්ජාලයෙන් ලබා ගත් සිද්ධාන්තයකි. කාන්තාව ගැබ්ගත් මාසය හා වයස ලබාදුන් විට ඇයට ලැබෙන්නෙ දුවෙක්ද පුතෙක්ද යන්න අනාවැකියක් බලාගත හැකිය. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. 


  • Sri Lanka Police Stations Telephone Index-  Download    (පොලිස් ස්ථානයක දුරකථන අංකයක් සොයා ගැනීමට)

ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථානයක දුරකථන අංකයක් සොයා ගැනීමට වුවමනා වූ විටක පොලිස් ස්ථානයේ නම මේ මෘදුකාංගයට ලබා දුන් විගස ලබා ගන්න පුලුවන්. ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානයකම පාහේ දුරකථන අංක ලබා ගන්න පුලුවන්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඉතා කුඩා මෘදුකාංගයක්. ඩබල් ක්ලික් කල සැනින් run වෙනවා. Windows XP සිට නවතම Windows 10 දක්වා මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාත්මක වෙනවා.


  • Sun Rise Time   -  Download     ( ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගන්න)

ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම මෘදුකාංගය මගින් ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.


  • Reminder Alarm   -   Download     (අමතක වන දේවල් මතක් කර දෙන App එකක්)

පරිගනකයේ වැඩ කරද්දි කාලය යනවා තේරෙන්නෙ නෑනෙ, මේ නිසා ඔබට කල යුතු යම් යම් කාර්යන් අමතක වීම, අතපසු වීම් වෙන්න පුලුවන්. මෙන්න ඊට පිලියමක්. ඔබට මතක් කර දිය යුතු පනිවිඩය ඇතුලත් කර එම පනිවිඩය මතක් කර දිය යුතු වේලාව ලබා දි මෘදුකාංගය මිනිමයිස් කර තබා අනෙකුත් වැඩ කල හැකිය.අදාල වේලාව පැමිනි විගසම මෘදුකාංගය මගින් පරිගනකයේ ස්පීකර්ස් වලින් එලාම් හඩක් පිට කරමින්, අපගේ පනිවිඩය තිරයේ පෙන්වයි. එම පනිවිඩය OK කරන තුරුම එලාමය නාද වේයි. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • Phone Book  -  Download      (ටෙලිපෝන් අංක පොතක්)

ඔබේ මිතුරන්ගේ, හිතවතුන්ගේ හෝ වෙනත් ඕනෑම දුරකතන අංක ගබඩා කර තබාගෙන, මොහොතින් ලබා ගතහැකි මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. Computer Hard Drive එකේ හෝ පෙන් ඩ්‍රයිව් එකේ තියාගෙන භාවිතා කරන්නත් පුලුවන්.


  • Web Search Engine -   Download  (ඕනෑම දෙයක් ඉක්මනින් ඉන්ටනෙට් එකෙන් හොයා ගන්න  App එකක්)

මේ App එක මගින් ඉන්ටනෙට් එකේ ඇති, අපට උවමනා ඕනෑම දෙයක් ඉක්මනින් හොයා ගන්න පුලුවන්. එමෙන්ම වෙබ් බ්‍රව්සරයක් මගින් Search කරන විට Search Result එක ලෙස වෙබ් ලින්ක් හා විස්තර විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒත මේ App එකෙන් Search Result එක ලෙස ප්‍රධානම වෙබ් ලින්ක් කීපයක් පමණයි ලැබෙන්නෙ. ඒ නිසා ඉතා පහසුවෙන් හා ඉක්මනින් අපට උවමනා දෙය සොයා ගන්න පුලුවන්. ලැබෙන Search Result එකේ ඇති වෙබ් ලින්ක් එකක් මත ඩබල් ක්ලික් කල විට අදාල වෙබ් පිටුව වෙබ් බ්‍රවුසරයෙන් වෙනවා. මේ App එක ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • Electronics Plate    -   Download    (ඉලෙක්ට්‍රොනික් කරන අයට හා උසස් පෙළ Physics කරන අයට වැදගත් App එකක්)

මෙය ඉලෙක්ට්‍රොනික් කරන අයට හා උසස් පෙළ Physics කරන අයට වැදගත් App එකක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • Maths Box   -   Download        (පාසල් ලමුන්ට ගණන් ඉගෙන ගන්න)

පාසල් ලමුන්ට ප්‍රයෝජනවත් වන ඉතා කුඩා මෘදුකාංගයකි. මෙමගින් ගෝල, සිලින්ඩර, කේතුවල වර්ගපල, පරිමා වැනි දෑ සොයා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • PS Mind Reader   -  Download      (ඔබේ හිත කියවන තවත් App එකක්)

හිත කියවන තවත් ඉතා කුඩා  App එකක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. 


  • Maths Game   -   Download     (ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන් Game එකක්)

මේ Game එකෙන් ඔබගේ දුවගේ, පුතාගේ, නංගිගෙ, මල්ලිගේ හෝ ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන්. එකතු කිරීම්, අඩු කිරීම්, බෙදීම් හා ගුණ කිරීම් වල දක්ෂයෙක් වීමට පුලුවන්. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.


  • Lucky Moment   -  Download       (ඔබේ ජය අංකය, ජය අක්ෂර හා ජය දවස බලා ගන්න)

මේ App එකට ඔයාලගේ උපන් දිනය ලබා දුන් විට, ඔයාලගේ ජය අංකය, ජය අක්ෂර හා ජය දවස බලා ගන්න පුලුවන්. මෙහි සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙන්නෙ ඇමරිකාවේ මහාචාර්ය වරයෙක්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


පරිගනකයෙන් පියානෝ වාදනය කරන්න App එකක්...මවුස් එක හෝ කීබෝඩ් එක භාවිතා කරන්න පුලුවන්. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම run වෙනවා.


  • Age In Days   -  Download        (ඔබේ වයස දවස් වලින් බලා ගන්න)

මේ App එකට ඔබේ උපන් දිනය ලබා දුන් විට ඔබේ වයස අද දිනට, දවස් වලින් බලා ගත හැකියි. සැ.යු: ඔබේ පරිගනකයේ දිනය නිවැරැදි දැයි බලන්න. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • Friendship Matcher   -   Download        (ඔබේ මිතුරු මිතුරියන් අතර ඇති මිත්‍රත්වයේ ගැලපීම බලාගන්න)

ඔබේ මිතුරු මිතුරියන් අතර ඇති මිත්‍රත්වයේ ගැලපීම අංක ශාස්ත්‍රයට අනුව බලා ගත හැකි App එකකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


මේ App එකෙන් ක්‍රි.ව 1 සිට 9999 දක්වා ඇති ඕනෑම අවුරුද්දක, ඕනෑම මාසයක දිනදර්ශනය මොහොතකින් බලා ගන්න පුලුවන්.ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • Roman Numeral Converter -   Download (රෝම ඉලක්කම් හොයා ගන්න)

යම් සටහනක් හෝ ලිපියක් ලිවීමේදී සමහර කරුනු ලිවීමට රෝම ඉලක්කම් භාවිතාවේ. පාසල් ලමුන්ට ද ප‍්‍රාථමික පංතිවල දී ගණිතය පාඩමේදීත් රෝම ඉලක්කම් ගැන ඉගැන්වෙනවා.දැනටත් සාමාන්‍ය වශයෙන් රෝම අංක යුරෝපානු රටවල භාවිතා වේ. තරමක් සංකීර්ණ අංක ක‍්‍රමයක් වුවත් අදටත් රෝම ඉලක්කම් ඔර්ලෝසු වල සහ පොත්වල දක්නට ලැබේ. රෝම ඉලක්කම් ක‍්‍රමය තුළ සංකේත 7 ක් තිබේ. (I V X L C D M).ඉතින් මෙම මෘදුකාංගය මගින් පහසුවන්ම රෝම ඉලක්කම් සොයා ගත හැකිය. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ ඩබල් ක්ලික් කලාම run වෙනවා.


  •  Telephone Codes Seeker -   Download

මේ කුඩා App එක මගින් ලෝකයේ රටවල් වල දුරකථන කේත අංකයන් හා ලංකාවේ  සියලුම ප්‍රදේශවලට අදාල දුරකථන කේත අංකයන් සියලුම දුරකථන ජාලයන් සදහා මොහොතකින් බලා ගත හැකිය. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.


  • WinProRun Utility             -  Download   
  • Chance Game                    -  Download       
  • IQ Tester                            -  N/A       
  • Days Calculator                  -  N/A       
  • Multiplication Table           -  Download      
  • Coin Summary                    -  Download     
  • ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

* ඉහත ඇති සියලුම Apps එක වර downloadකර ගන්න : (Download

 Size : 17 MB - 36 Apps


මෙම මෘදුකාංග වල ඇති විශේෂත්වයන්
Install කල යුතු නැත, ඩබල් ක්ලික් වලින් Run වේ, තනි Exe File එකක් පමනක් ඇත, ඉතා කුඩා Capacity ක් වනසේ සාදා ඇත. සිංහල Fonts , Unicode, .NET Framework වැනි අමතර කිසිවක් Install කල යුතු නැත, Updated Versions මෙම වෙබ් පිටුවෙන් Download කර ගත හැකිය.
# භාවිතා කල හැකි වන්නේ Windows XP , Vista , 7 , 8, 8.1 හා 10  වල පමණි. Android , iOS , Linux වැනි OS වල භාවිතා කල නොහැක.

මගේ අදහස්
මෙම මෘදුකාංග සම්භන්ධව ඔබට පැන නගින ගැටලු, අදහස්, යෝජනා හා චෝදනා නොපමාව SMS, Emails, Viber, Skype හෝ Facebook මගින් මා වෙත දන්වන්න. එය ඉදිරි නිර්මාන සදහා ප්‍රයෝජනවත් වේ.
මෙම මෘදුකාංග වල Source Codes පිලිබද ඉල්ලීම් ඉදිරිපත් නොකරන්න. දුරකථන සංවාද හා හමුවීම් සිදු කල නොහැකිය. මෙම මෘදුකාංග සම්භන්ධව මා හට දස දහසකට වඩා සුභ පැතුම්, අදහස් හා යෝජනා ලැබී ඇත, ලැබෙමින් පවතී. ඒ සියලුම දෙනාට මගේ ප්‍රණාමය !!!! මෙම මෘදුකාංග නිර්මාණය කිරීම මා සිදු කරන්නේ විනෝදාංශයක් ලෙස පමණී. මෙයින් මා ලබනා ආදායම වන්නේ ආත්ම තෘප්තිය පමණි.

My Apps on others Websites 

http://www.aluth.com/2017/06/baby-gender-predictor.html

http://www.aluth.com/2017/06/roman-numerals-converter.html

http://www.aluth.com/2015/04/road-traffic-signal-software-sinhala.html

http://www.aluth.com/2015/07/pasansoft-sinhala-portable-dictionary.html

http://www.aluth.com/2015/02/phone-book-free-software.html

http://www.aluth.com/2014/08/your-weight-test-software.html

http://www.gannadeshiyade.com/2014/01/software-text-player.html

http://www.aluth.com/2014/04/irregular-verbs-finder-sinhala-app.html

http://www.gannadeshiyade.com/2014/02/world-clock.html

http://www.aluth.com/2014/03/sun-rise-time-app.html

http://www.gannadeshiyade.com/2014/03/sun-rise-time-app.html

http://www.gannadeshiyade.com/2014/02/sl-distance-finder.html

http://www.aluth.com/2013/07/id.html

http://www.aluth.com/2013/08/application.html

http://www.aluth.com/2013/07/blog-post.html

http://www.aluth.com/2013/09/postal-codes.html

http://www.gannadeshiyade.com/2014/02/sri-lanka-postal-codes-finder.html

http://www.aluth.com/2013/11/mathsgame.html

My Websites Creations

http://gdrrga.yolasite.com/

http://maharahathunwedimaga.yolasite.com/